අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන්වූ රූපවාහිනී නාලිකා 20ක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටී .

එම සැලසුමේ පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා තිබේ.

මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට ඇති බව අමාත්‍යවරයා පැවසීය .