නවතම පුවත්

අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නැවත නැවතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත් කර තිබේ. ඒ, සමාගම තුළ ඔහුව නීති විරෝධී ලෙස ඉවත් කිරීම අභියෝගයට ලක් කළ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට පක්ෂව පූර්ව තීන්දුවක් දීමෙන් පසුවයි.

2024 මාර්තු මාසයේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ කොළඹ වාණිජ මහාධිකරණය සජිත් රාජපක්ෂ මහතාව සේවයෙන් පහ කිරීමට එරෙහිව කළ අභියෝගයට පිළිතුරු දෙමින් 2024 අප්‍රේල් 30 වැනි දින නියෝගයක් නිකුත් කිරීමට නියම කළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සජිත් රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ද විනිසුරුවරයා පරීක්ෂණයක් ආරම්භ කළේ, විත්තිකරුවන් විසින් ඔහුව හිටපු තනතුරේ යළි පිහිටුවන ලෙස අධිකරණය කළ නියෝගය නොසලකා හැරීම හේතුවෙනි.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති ධූරය දරන කසුන් රාජපක්ෂ, DSI සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ උප සභාපති ඩිල්ෂාන් රාජපක්ෂ සමඟ එක්ව සැක සහිත ව්‍යාපාරවල නිරත වූ බව අධිකරණය හෙළි කර තිබේ. මේ හරහා සමාගම් සමූහයේ මූල්‍ය රෙගුලාසි සහ රටේ විනිමය රෙගුලාසි උල්ලංඝනය කරමින් රුපියල් මිලියන 400 ඉක්මවන මූල්‍ය අවභාවිතා සිදුකර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මෙතරම් බරපතල චෝදනා එල්ල වී, සජිත් රාජපක්ෂ මහතා යළි සේවයේ පිහිටුවීමට පක්ෂව අධිකරණ තීන්දුවක් ලබාදී තිබියදීත්, කසුන් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණ නියෝග කඩ කරමින් සිටින්නේ දඩුවම් විරහිතවය. මෙලෙස දිගින් දිගටම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබේ. මෙම නඩුවට සම්බන්ධ සෙසු වගඋත්තරකරුවන් වන්නේ චන්දුල ජනිත් රාජපක්ෂ, ලසික රන්දික රාජපක්ෂ සහ වරුණි ද සිල්වා යන අයයි.

2024 අගෝස්තු 2 දිනැති උසාවි නියෝගය මගින් කසුන් රාජපක්ෂගේ නීතිමය නියෝග නොතකා හැරීම අවධාරණය කර තිබෙන අතර ඔහුගේ ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යය යටපත් කරනවා පමණක් නොව DSI සැම්සන් සමූහයේ නායකත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ වගවීම, විනිවිදභාවය සහ වගකීම යන මූලික මූලධර්ම අඩපණ වී ඇති බව පෙනී යයි.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සහ කැපී පෙනෙන නීති වෘත්තිකයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා, පෞද්ගලික සහ රාජ්‍ය යන දෙඅංශයේම අධ්‍යාපන ආයතන වල අධ්‍යක්ෂ තනතුරු දරන මහාචාර්ය අජන්ත ධර්මසිරි සහ ප්‍රකට ආයතන කිහිපයක අධ්‍යක්ෂ ධුර දරන මයුර ප්‍රනාන්දු ඇතුළත්ව සිටියි.

income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!