අනතුරකින් මිතුරන් 5ක් වලකුඹුරේදී මරුට

Picture of අසංක

අසංක

වලකුඹුර ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා ගැටුණු මෝටර් රථයක ගමන්ගත් පිරිමි 5 දෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් වරකාපොල මංගල උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටි මිතුරන් පිරිසකි.

මියගොස් ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ වැඩ බිමක සේවය කරන පිරිමි පුද්ගලයන් පස් දෙනෙකි.

ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.