අනවශ්‍ය මැදිහත්වීම් නිසා එන්නත්කරණය අවුල් වෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ  නිශ්චිත සැලසුමක් යටතේ ඉදිරියට ගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී .

 

ඇතැමුන්ගේ මැදිහත් වීම නිසා එන්නත්කරණ වැඩසටහන  මේ වන විට රාමුවෙන් පිටතට ගොස් අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත් , එමඟින් සිදුවන්නේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටීම බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත අවධාරණය කළේය .

 

අනවශ්‍ය ආකාරයට මේ එන්නත් භාවිතා කළහොත් සිදුවෙන්නේ සම්පූර්ණ පද්ධතියම කඩාගෙන වැටීම බවද එම සංගමය අවධාරණය කර සිටී .