අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව නව නීති !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය .

කෙසේ වෙතත් මේ හරහා මාධ්‍ය නිදහස කප්පාදුකිරීමකට ලක්නොවන බවද ඒ මහතා පැවසීය