පැතුම් වික්‍රමරත්න
අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය .
කෙසේ වෙතත් මේ හරහා මාධ්‍ය නිදහස කප්පාදුකිරීමකට ලක්නොවන බවද ඒ මහතා පැවසීය.