කිසිදු අන්තවාදී ත්රස්ත කණ්ඩායමකට යලිත් ශී්ර ලංකාව තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බවට ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (02) ප්රතිඥා ලබා දුන්නා.
ඒ මහතා මේ අදහස් ප්රකාශ කලේ ඔහු කොළඹ අද පැවති ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ප්රගතශීලි වෘත්තීය සමිති ජාතික මහා සම්මේලනයේදීයි. මේ සදහා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිතිවල සාමාජිකයන් 4000 ආසන්න පිරිසක් සහාභාගි වූ බව සංවිධායකයන් ප්රකාශ කලා.
ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ප්රගතශීලි වෘත්තීය සමති විසින් මෙහිදී නව යෝජනා මාලාවක්ද සම්මත කර ගැනුනු අතර ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ එම යෝජනා නුදුරේදීම පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ කි්රයාත්මක කරන බවයි.