අනුමැතියක් ලද කොවිඩ් හෙළ ඖෂධය පොලිස් නිලධාරීන්ට දීම ඇරඹේ

Picture of අසංක

අසංක

කොවිඩ් ආසාදනය වූ පොලිස් නිලධාරීන්ට, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශිය ඖෂධය, ලබාදීම අද සිට අරඹා තිබේ.

මේ අනුව කළුතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට එම ඖෂධය ලබාදී ඇත.

ඖෂධය පොලිස් නිලධාරීන් වෙත ලබාදී ඇත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි.

මේ අතර මෙම ඖෂධය ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය දී තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ ඊයේ (09) එම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගැනිණ.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකකදී තහවුරු විය.

කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දස දහසකට අධික ජනතාවක් කෑගල්ලට ගොස් තිබුණි.

පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාව ඒකරාශී වීම අවදානම් සහගත බැවින් එම තත්ත්වය පාලනය කිරීමට ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඒ කෑගල්ල දිස්ත්‍රික් ලෙකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක ධම්මික බණ්ඩාර වෙදමහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.