ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට(17) උඩවලවේ දී සිදුකිරීමට නියමිතය.
රටම සොබාමත් කරන අපේක්ෂාව නමින් ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එලිදැක්වීමට නියමිත අතර මේ වනවිට අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එලිදක්වා තිබේ.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහ පරිසර ප්‍රතිපත්ති සම්පාධක කමිටුවේ විද්වතුන් ද සහභාගීවීමට නියමිතය.