හින්දු ජනතාව බැති සිතින් සමරන දීපවාලි උත්සවය අදයි.
දීපවාලි යනු අඳුර පලවා හැර ආලෝකය උදාකර ගැනීම ලෙස හින්දු බැතිමත්හු විශ්වාස කරති.
හින්දු ආගමික උත්සව අතර මුල් තැන ගත් උත්සවයක් ලෙස ද දීපවාලී උත්සවය හැඳින්විය හැකිය.
දීපවාලි උත්සවය සමරන හින්දු ජනතාව වෙනුවෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් බවය.
හෙට දිනයේ සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර ඇත.