අපි මැතිවරණයට සුදානම් – සමගි ජනබලවේගය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මැතිවරණයට අප සුදානම් යැයි සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.

මැතිවරණය දිනයට එරෙව ශ්‍රේෂ්ඨාධිකරණයට දමා තිබු පෙත්සම් 7 ඉදිරියට ගෙන නොයාමට තීන්දු කිරීමෙන් පසු මාධ්‍ය කළ විමසුමේදී හෙතම මේ බව සදහන් කළේය.

අප සුදානමින් සිටියේ නමුත් රටේ ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය බලලා අපි මේ ඡන්දය කල් දාන්න උත්සාහයක යෙදුනා. මේ දක්වා කල් දැමීමේ කටයුත්ත සිදුවුණෙත් අපේ මැදිහත්වීම නිසයි. නැත්නම් රජය මීට කලින් ඡන්දය තබන්නයි උත්සාහ කළ‌ේ. ඉතිං ජනතාවට දැනටත් අවශ්‍යය තවත් ප්‍රමාදවෙලා ඡන්දය පවත්වන්න යැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.