දින කිහිපයකට පෙර අබුඩාබි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාවට අද අලුයම ගෙනැවිත් තිබේ.
ඒ යූඑල් 208 යානයෙන් අද අලුයම 4.35ට පමණය.
එලෙස අබුඩාබි ගිය පොලිස් අධිකාරිවරයකු ඇතුළු රහස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ එහිදී ය.
මේ වනවිට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කරමින් සිටියි.
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණි.