අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය යළි ඇරේ

Picture of අසංක

අසංක

කාර්යමණ්ඩල සාමාජිකයන්ට කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හෙට ( 28) වන දින නැවත විවෘත කිරීමට නියමිතය.

තානාපති කාර්යාලය මැයි 21 සිට තාවකාලිකව වසා දමා තිබුණි.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදිත වී තිබීම ඊට හේතු විය.