අභ්‍යාවකාශගත වූ බිලියනපතියා  ගොඩබිමට එයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්නලෝකයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික   රිචඩ් බ්‍රැන්සන්,  අභ්‍යවකාශයේ ආසන්නයට ගොස් නැවත සාර්ථකව ගොඩබිමට පැමිණ ඇත .

ඊයේ (11) තම සමාගම සතු “වර්ජින් ගැලැක්ටික් රොකට්” යානයෙන් ඔහු එම ගමනට එක්වුනු අතර පැයකුත් විනාඩි 15 ක කාලයක් අතරතුර මෙම අභ්‍යවකාශ ගමන නිම කර ඇත .

වර්ජින් ග්ලැටික් යානාව දියුණු කිරීමට වසර 17ක් පමණ ගතවූ බව සඳහන් වේ. අමෙරිකාවේ  මෙක්සිකෝ ප්‍රදේශයට ඉහළින් ගමන්කර ඇති මෙම යානය   කිලෝ මීටර් 85ක් පමණ ඉහළ ට ගමන් කර තිබුනු බවද වාර්තාවේ.

මෙම ගමන “සදාකාලික අත්දැකීමක්”බව  නැවත පැමිණීමෙන් අනතුරුව බ්‍රැන්සන් මාධ්‍ය වෙත  පැවසීය.

රිචඩ් බ්‍රනසන් ඉදිරියේදී මෙම අභ්‍යවකාශ සවාරිය , තම නවතම ව්‍යාපාරය ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත . ඒ අනුව ඉදිරියේදී ඕනෑම අයෙකුට මුදල් ගෙවා මෙම අභ්‍යවකාශ සවාරියට එක්විය හැක.