අමරපුර-රාමඤ්ඤ නිකායන් එක්වේ

Picture of අසංක

අසංක

මෙරට බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය අද(16) ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබීමය.

අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීම සඳහා වන සම්මුතියට අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ දම්මවාස මහ නාහිමියන් සහ රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් අත්සන් තැබූහ. අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම අත්සන් තැබීම සිදුකෙරිණි.

ඒ අනුව නිකායන් දෙක ඒකාබද්ධවීමෙන් ඉදිරියට පවතිනුයේ “ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රි මහ සංඝ සභාවයි”.