පැතුම් වික්‍රමරත්න
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දියානුවන් අතර පැතිර ගොස් තිබෙන කලු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයෙකු අම්පාරෙන් හමු වී ඇති බවට පළවූ වාර්තා සත්‍යයෙන් තොර බව අම්පාර මහ රෝහලේ හා මඩකලපුව ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කර සිටිති
.කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයාට වැළඳී තිබෙන්නේ ඉන්දියාවේ ව්‍යාප්ත කලු දිලීර රෝගය නොව වෙනත් රෝගයක් බව එම වෛද්‍යවරු සඳහන් කර සිටී
අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වජිර රාජපක්ෂ මහතා පවසන්නේ ඊස්ට් වර්ගයේ දිලීරයක් හේතුවෙන් අදාල පුද්ගලයා මරණයට පත් වී ඇති බවය . මේ පිළිබඳව අම්පාර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥවරයා විසින්ද තහවුරු කළ බව රාජපක්ෂ මහතා පවසයි .