අමෙරිකානු ඖෂධයක් කොරෝනාවට එරෙහිව සාර්ථක වෙයි

Picture of අසංක

අසංක

ඇමෙරිකානු සමාගමක් විසින් නිපදවා ඇති ඖෂධයක් මේ වනවිට කොරෝනා වෛරස රෝගයට එරෙහිව යම් සාර්ථකත්වයක් පෙන්නුම කරමින් ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවොසි මහතා සඳහන් කර ඇත.

තම ආයතනය රෝහල් දහසකට අධික සංඛ්‍යාවක් සම්භන්ධ කරගනිමින් මෙම ඖෂධය පිලිබඳ පර්යේෂණයන් සිදුකල බවත් එහිදී මේ ඖෂධය ලබාදුන් කොරෝනා අසාධිතයින් සුවවීමට ගතවන කාලය අඩුවී ඇති බව නිරෙක්ෂණය වන බවත් ඔහු ධවල මන්දිරයේ පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

ඒ අනුව මෙම ඖෂධය හරහා , කොරෝනා රෝගියකේ සුවවීමට ගතවන කාලය දින 15 සිට 11 දක්වා අඩුකරගත හැකි බවටද මේ වනවිට දත්ත ලබෙමින් පවතින බව ඇන්තනි මහතා පැවසීය .

එසේම මෙම ඖෂධය ලබාදුන් කොරෝනා රෝගීන් මියයාමේ ප්‍රතිශතයද අඩු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ඖෂධය පිලිබඳ අවසන් වාර්තාව කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්න බවද ඔහු මෙහිදී පවසා ඇත.