අමෙරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙක් මරාදමයි

Picture of අසංක

අසංක

 

අමෙරිකානු පොලිස් නිලධාරියෙකු කල වෙඩි තැබීමක් හේතුවෙන් ඊයේ (13) පස්වරුවේදී තවත් කළු ජාතිකයෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය නාවරණය කර සිටී.

ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් මෙම සුදුවීම වාර්තා වන අතර , මහා මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අමෙරිකානු පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ මේ වසරේදී වාර්තා පළ වන 48 වන අවස්ථාවද මෙය වන බවද ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කර ඇත .

මෙම සිද්ධිය වාර්තා වී පැය 24 ක් ගතවීමටත් පෙර ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානි ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කර ඇත.

එරට මාධ්‍ය වාර්තා අනුව පොලීසියේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය 27 හැවිරිදි මෙම කළු ජාතිකයා වෙනුවෙන්ද මේ වනවිටත් විරෝධතා ආරම්භ වී ඇත .