අමෙරිකානු රාජ්‍ය ලේකම් 28 වැනිදා කොළඹට

Picture of අසංක

අසංක

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා කොළඹදී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

පොම්පියෝ මහතා මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක නිරතවන අතරතුරය.

දෙරට අතර ආර්ථික හා දේශපාලන සබඳතා පිළිබඳව මෙම සාකච්ජා වටයේදී පුළුල්ව අවධානය යොමුවනු ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.