අමෙරිකාවට ආගමනය ට්‍රම්ප් තහනම් කරයි

Picture of අසංක

අසංක

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අමෙරිකාවට සිදුකෙරෙන සියලු ආගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇත.

ඒ අනුව මේ සඳහා වන විධායක නියෝගයකට අත්සන් තබන බවද අද පවතී මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර ඇත.

අමෙරිකානු පුරවැසියන්ගේ රැකියා ආරක්ෂා කිරීම මෙහි එක් අරමුණක් බව ද ජනපතිවරයා පෙන්වා දී ඇත.

එසේම අලෙරිකානුවන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් ලෙසද මෙම තීරණය ක්‍රියාවට නංවන බව ට්‍රම්ප් පවසා ඇත.

අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 782,159 කි.

වෛරසය හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 41,816 ක් වේ.