අමෙරිකාවෙන් තවත් කොවිඩ් එන්නතක් .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිෂප්දනය කර තිබෙන  එන්නතද ඉදිරි සති දෙක තුල ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමට  නියමිතව ඇත .

මෙම එන්නතද ඉතා සාර්ථක ප්‍රතිඵල දැනටමත් පෙනුම්කර ඇති බවද  ඇමරිකාවේ බෝවන රෝග විශේෂඥ, ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂක ඇන්තනී ෆවුසි මහතා ප්‍රකාශ කර තිබේ.

ෆයිසර් සහ මොඩර්නා එන්නත සම්බන්ධයෙන් සලකා බැලූ අන්දමටම මෙම එන්නතත් සම්බන්ධයෙන්ද සලකා බලන බවද  ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ඔහු එම එන්නතේ සායනික අත්හදා බැලීම් කිහිපයකටම සහභාගී වී ඇති බවද සඳහන්වේ .