ඇමෙරිකා එක්සත් ජනපදයේ මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 160ක් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය තවත් ගිවිසුමකට අත්සන් තැබීමට සූදානම්වේ .
ඒ අනුව නව කොරෝනා වයිරස එන්නත් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය මේ වනවිට අත්සන් තබා ඇති ගිවිසුම් සංඛ්‍යාව හයකි
‘‘සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල අනුව මෙම ‘කොවිඩ්-19’ එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා’’ යැයි යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ද ලියෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර ‘එන්නත් ආරක්ෂිත සහ ප්‍රතිඵලදායක බව තහවුරු කළ පසු යුරෝපා සංගමයේ සෑම සාමාජික රටකටම එන්නත ලැබිය යුතු බවද ඇය සඳහන් කර ඇත.
මෙහිදී සෑම සාමාජික රටකටම එකම අවස්ථාවේදී සමාන අයුරින් එන්නත ලැබිය යුතු’බව ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, සැනෝෆී-ජී.එස්.එක්, ඇස්ට්‍රාසෙනකා, ෆයිසර්-බයෝඇන්ටෙක් සහ කියෝවැක් යන සමාගම්වලින් එන්නත් ලබාගැනීම සඳහා යුරෝපා සංගමය මේ වනවිටත් ගිවිසුම් අත්සන් තබා ඇත.