අමෙරිකාවේ කොරෝනා මට්ටම තවත් නරක් වෙයි

Picture of අසංක

අසංක

අමෙරිකාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව , ඉදිරි සති අන්තය වන විට ලක්ෂ දෙක ඉක්මවනු ඇතැයි, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා සිටී.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රට වසා දැමීමට සිදුවනු ඇති බව එම බලධාරීහු අවධාරණය කර ඇත

චීනය වැනි රටවලට සාපේක්ෂව කොරෝනා මර්දනය අතින් අමෙරිකාව පසුගාමී බවද අමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .

ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ මෙම අනතුරු ඇඟවීම් සම්භන්ධව එරට නව ජනාධිපති ජෝ බයිඩන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර කොරෝනා මර්ධන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට ඔහු අදාළ අංශ වෙත දැනුම් දී ඇත