අමෙරිකාවේ පළමු වාණිජ අභ්‍යාවකාශ යානය සාර්ථකව පෘථිවියට

Picture of අසංක

අසංක

අමෙරිකාවේ පළමු වාණිජ අභයවකාශ යානය වන ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය එහි පළමු අභ්‍යවකාශ මෙහෙයුමෙන් පසුව සාර්ථකව පෘථිවියට ලගා වී ඇත.

ඒ අනුව අමෙරිකානු වේලාවෙන් ඊයේ (02) පස්වරු 02.48 ට පමණ ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය ෆ්ලොරිඩාවේ ගල්ෆ් මුහුදු කලාපයට ගොඩ බැස්වූ බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඇපලෝ යානය විශ‍්‍රාම යැවීමෙන් පසුව අමෙරිකාව මෙම ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය අභයවකාශ මෙහෙයුම් සදහා එක්කොට තිබුනු අතර එම මෙහෙයුමට ගගන ගාමීන් දෙදෙනෙකු එක්කර ගෙන තිබිණ.

යානය ෆ්ලොරිඩාවේ සමුදුර මතට ගොඩබැස්වීමෙන් අනතුරුව ඉන් පැමිණි ගගනගාමීන් දෙදෙනා රැගෙන ඒම සදහා විශේෂ බෝට්ටු කිහිපයක් පිටත් කර හැර තිබිණ.

කෙසේවෙතත් කැප්සියුලය මත උපද්‍රවකාරී රසායනිකයන් තිබිය හැකි බවට මතුවූ සැකය හේතුවෙන් පෞද්ගලික බෝට්ටු සේවා සදහා යානය අසලට යාමට අවස්ථාව නොලැබුනු බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.