ශ්‍රී ලංකාව පැමිණෙන යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 10ක සංචාරකයින්ට ලබන අපේ‍්‍රල් 01 වැනිදා සිට මාස 06ක කාලයක් සදහා ගාස්තු අය කිරීමෙන් තොරව
නිදහස් වීසා ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම නිදහස් වීසා ලබාගැනීමේ අවස්ථා එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව , කැනඩාව, අමෙරිකාව, සිංගප්පූරුව, මැලේසියාව, නවසීලන්තය, තායිලන්තය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල්වලට හිමිවී ඇත.
වසරේ අනෙකුත් කාලසීමාවන්ට සාපේක්ෂ අපේ‍්‍රල් සිට ඔක්තෝබර් දක්වා කාල පරාජය තුළ සංචාරයින්ගේ පැමිණීමේ අඩු අගයක් ගන්නා හෙයින්, එය වර්ධනය කිරීමේ අරමුණින් නිදහස් වීසා ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන, වනජීවී හා කි්රස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඉෂාර රත්නකාර