පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග යළි එක්වීමට අමෙරිකාව තීරණය කර ඇත . එරට නව රාජ්‍ය ලේකම්වරයා වන ඇන්ටනි බ්ලින්කන් විසින් ඒ බව නිවේදනය කර ඇත .
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්‍රය විසින් යළි හරවා ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමානාත්මතාවය කේන්ද්‍ර කර ගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කැපවීමේ පියවරක් ලෙස මානව හිමිකම් කවුන්සිලය සමග වහාම ශක්තිමත් ලෙස නැවත සම්බන්ධ වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව රාජ්‍ය ලේකම් බව ඇන්ටනි බ්ලින්කන් සඳහන් කර ඇත ,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව ඉන් ඉවත් කර ගත්තේ ඉකුත් 2018 වසරේදී ය.