පැතුම් වික්‍රමරත්න
අමෙරිකාව යළිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් සමග එක්වීමත් සමග මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි බලපෑම් ඉහළ යා හැකි බව නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කර සිටී .
ඒ අනුව මානව හිමිකම් වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් සම්භන්ධව ඇමෙරිකාවද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව නිසි ලෙස දැනුවත් කිරීමට ශ්‍රී ලංකා රජය වහා පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය
එසේ නොවුඅහොත් දැනට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට එරෙහිව ඉදිරිපත්කර ඇති යෝජනාවට වඩා බරපතල යෝජනාවක් මෙම ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් වෙතින් ඉදිරිපත්විය හැකි බවද ඔහු අනතුරු අඟවා සිටියේය .
මෙම තර්ජනයන්ට මුහුනදීමේදී ඉන්දියාවේ සහයෝගීතාවය ද ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව ඔහු පැවසීය .