අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කිරීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කර සිටී.
අමෙරිකාව සමග අත්සන් කිරීමට යොජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් කල විමසීමට පිළිතුරු ලබා දීම පිළිබඳවද සතුටු වන බව.ලංකා වාණිජ මණ්ඩලය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත යළිත් ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.
එය අදාළ වැඩපිළිවෙළේ විනිවිද භාවය තහවුරු කරන්නක් බව ද එහි සඳහන් ය.
වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ, අදාළ ව්‍යපෘතිය වෙනුවෙන් කොළඹ පිහිටුවා ඇති කාර්යාලයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යපෘති පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ද තමන් කටයුතු කර ඇති බව ය.