හොංකොං රාජ්‍යය සමග පවතින සමීප ද්වීපාර්ශවික සබඳතා අත්හැරීමට අමෙරිකාව තීරණය කර ඇත.
චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව හොංකොං සමග පවතින සමීප සබදතා අතහැරීම සම්බන්ධයෙන් වන විධායක නියෝගයට ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අත්සන් තබා ඇත.
මීට අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇත . ඒ අනුව ඉදිරියේදී අමෙරිකාවෙන් හොංකොං වෙත කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ විශේෂ ආර්ථිකමය සැලකිල්ලක් නොලැබෙන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කර ඇත,