ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මේ අයවැය මාසය බැවින් ඉන්ධන මිල පිළිබඳ තීරණයක් ගැනීම මුදල් අමාත්‍යවරයාට බාර වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය කතාවේදී ඒ පිළිබඳ දැනගත හැකි වනු ඇති බව හෙතෙම කියා සිටී.
ගහෙන් වැටුණු මිනිහට මිනිහට ගොනා ඇන්නා වගේ වෙන නිසා පාඩුව දරාගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීම සිදු නොකළ බව ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ය.
පවතින ගෑස් සහ ඉන්ධනවල තත්ත්වය හේතුවෙන් භූමිතෙල් පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.