අයවැය ඡන්දෙ ගැන ජනපති හා ශ්‍රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය ගතයුතු පියවර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්‍ෂයේ පාර්ලමේන්තු මන්තී‍්‍රවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

හෙට (02) රාති‍්‍ර 7.00 ට ජනපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත මෙම හමුව සඳහා ශ්‍රීලනිපයේ ප්‍රබලයින් සියලු දෙනාම පාහේ එක්වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් the colombo express කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කළේ අයවැයට විරුද්ධ වනවාද? එසේත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටිනවාද? යන්න පිළිබද මෙහිදීපුළුල් ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවය ..
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනැගෙන නව සන්ධානයක් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කරනු ඇති.බව ඒ මහතා පැවසීය .

අයවැය ජන්ද විමසීම ලබන 05 දින පැවැත්වේ