අයවැය ඡන්ද කටේ අනුර කුමාර එළියට දැමූ ආන්දෝලනාත්මක ලියවිල්ල

Picture of අසංක

අසංක

මතභේදයට තුඩු දී ඇති යුගදනවි ගිවිසුමේ පිටපතක්, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පසුගිය දිනවල විපක්ෂයේ අවස්ථා ගණනාවකදී ආණ්ඩුවට බොහෝ ඉල්ලීම් කළද ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ නිසා තමන් මෙම ගිවිසුම සභාගත කළ බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

අමෙරිකාවේ New Fortress Energy සමාගම සමඟ ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි.

එහෙත් මන්ත්‍රීවරයා විසින් අද ඉදිරිපත් කරන ලද යුගදනවි ගිවිසුමේ ලේඛනවලට අනුව එය අත්සන් කර ඇත්තේ NFE Sri Lanka Power Holding නම් ඉහත සමාගමට අනුබද්ධ සමාගමක් බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට සභාගත කරන ලද සම්පූර්ණ යුගදනවි ගිවිසුම පහත දැක්වේ.