අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ‌2ක් ගුවන්තොටේදී අල්ලයි

Picture of අසංක

අසංක

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 45ක් සමග පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන  තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ගෙන ආ සැකකරු රැගෙන යාමට වෑන් රථයකින් පැමිණි තවත් පුද්ගලයකු ඊට ආධාර අනුබල දීමේ වරදට ගුවන් තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයක් ද සමගයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 33 හැවිරිදි කටුගස්තොට පදිංචි මොහොමඩ් වසීම් හා මාතලේ පදිංචි 24 හැවිරිදි රියැදුරු වන මොහොමඩ් තාමිර් නමැති පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් දින 7ක රැදවුම් නියෝග ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදීමට නියමිතයි.