අර්ජුන් ගෙන්වන ලිපිගොනුවට ජනපති අත්සන් කළ හැටි

Picture of අසංක

අසංක

මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අත්සන් තබයි.

සිංගප්පුරු රජය වෙත යොමු කෙරෙන එම ලිපි ලේඛන පිටු 21,000 කින් සමන්විත වේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒවා පරීක්ෂා කර බලා සහතික කරමින් ජනාධිපතිවරයා අත්සන් තැබීය.

අදාළ ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පුරු රජයේ බලධාරීන් වෙත යොමු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.