අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළ ලිපිලේඛන සළකාබැලේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින්  මෙරට  නීතිපතිවරයා විසින් යොමු කල ලේඛන සලකා බැලීමට සිංගප්පූරු නීතිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ .

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  මේවනවිට ඔහුගේ නම අර්ජාන් ඇලෙක්ස්සැන්ඩර් ලෙස  වෙනස් කරගෙන ඇති බවද  ජාත්‍යයන්තර පොලිසිය විිසින් ශ‍්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇතැයි නීතීපතිවරයා සඳහන් කර ඇත .

එසේම මැලේසියාවේ සැඟව සිටින බව කියන මෙම නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු වු අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අදාළ සිතාසිය විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාරදීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

2015 පෙබරවාරි 27 වැනි දා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතා  චෝදනා ලැබ සිටියි