අර්ජුන- පාඨලී- රාජිත- අනුර දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට කැඳවයි!

Picture of අසංක

අසංක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට සූදානම් බව වාර්තා වේ.

ඒ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ලබාදුන් සාක්ෂිය පදනම් කරගෙන ය.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති විමර්ශන කොමිශන් සභාව හමුවේ ඊයේ (26) නිශ්ශංක සේනාධිපති මහතා සාක්ෂි ලබාදුන්නේය.

ඔහු එහිදී පවසා ඇත්තේ ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම සඳහා ඔවුන් කටයුතු කළ බවය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ඔහු විසින් නම් කිරීම ඉහත කැඳවීමට හේතු වී ඇත.