ප්‍රබෝධා හෙට්ටිආරච්චි
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම්දී තිබේ.
හිටපු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යොමුකළ ලිපියේ ඉල්ලා අස්වීමට හේතුව මෙසේ දක්වා තිබුණි.
“2020 මැතිවරණයේදී අප පක්ෂයට ලැබුනේ දැවැන්ත පරාජයකි. එය ස්වයං විවේචනාත්මකව අප පිළිගත යුතුය. අප අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත්තේ වත්මන් හා අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සැපයීමයි. මා පක්ෂය සමග රැඳුනේ ද එවැනි සුදුසු වැඩපිළිවෙළක් සැකසෙනු ඇතැයි හෝ. සැකසීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙනි එනමුත් අදටත් එවැනි වැඩපිළිවෙළක් ඇති වන බවක් පෙනෙන්නට ඇත. එබැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම පලක් නොමැති බව හැඟෙන බැවිනි. එබැවින් පක්ෂ සාමාජිකත්වයෙන් අද දින සිට ඉවත් වීමට මම තීරණය කළෙමි.” යනුවෙන් එහි සඳහන් විය.