“අරාබියේ වැලි කුණාටුවට අඳින ‘නිකාබ්’ අපේ ගෑණු මෙහේ ගෙනත්” – අසාත් සාලි

Picture of අසංක

අසංක

නිකාබ් යනු මුස්ලිම් සම්ප්‍රදායට අයත් ඇඳුමක් නොවන බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කොමිසමට සාක්ෂි දෙමින් කියා සිටියේ ය.

අර අරාබියේ වැලි කුණාටු කාලවලදී කාලවලදී එරට කාන්තාවන් වැලි කුණාටුවලින් ආරක්ෂා වීම වෙනුවෙන් මෙවැනි ඇඳුමක් භාවිත කළ බවත් අපගේ කාන්තාවන් ඒ රටවල සේවයට ගොස් යළි පැමිණි විට එම ඇඳුම මේ රටෙහි ද භාවිත කිරීමට පෙළඹුණු බව ඔහු කියා සිටියේය.

එසේ නොමැතිව අප රටේ මුස්ලිම් කාන්තාවන්ගේ සම්ප්‍රදාය වන්නේ තමන් අඳින සාරියේ පොට මගින් හිස වසා ගැනීම පමණක් බව ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේය.