අල්ලස් ගත් කළුතර ප‍්‍රා. සභා හිටපු සභාපති වසර 5ක් හිරේට

Picture of අසංක

අසංක

රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගන්නා ලදැයි චෝදනාවකට වරදකරු වූ කළුතර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ නමැති අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩසහිත වසර 05ක සිරද`ඩුවමක් අද නියම කළේය.

ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නගා තිබුණි.

‌ඉෂාර රත්නකාර