අල්ලස් චෝදනාවලට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින නියෝග කර තිබේ.
එම සිර දඬුවම වසරකින් ගෙවී යා යුතු බවත් සිර දඬුවමට අමතරව රුපියල් 50000ක දඩයක් ද විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියම කළේය.
එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ අමතරව මාස 9 ක සිර දඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් විය.
මෙසේ සිරදඬුවම් නියම වුණේ මට්ටක්කුලිය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ය.
2011 වසරේදී ඖෂධ පනත යටතට ගැනෙන භාණ්ඩ තොගයක් එහි මුල් ලියාපදිංචි සහතික නොමැතිව එහි ඡායා පිටපතක් යටතේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ලබාගැනීම නිසා අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.