එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නොමතිව සමගි ජන බලවේගයට හංසයා ලකුණ භාවිතා කල නොහැකි බව එජාපය අවධාරණය කර සිටී.
මේ අනුව සමගි ජන බලවේගයට හංසයා ලකුණ භාවිතා කිරීම සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එකඟතාව පළකළද ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වියයුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද දින මාධ්‍ය වෙත පැහැදිලි කළේය .
හංසයා ලකුණ ඉදිරි මහ මැතිවරණය සදහා සමගි ජන බලවේගයට ලබාදීමට එකඟතාව පළ වුණේ සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නියෝජිතයන් සමග හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නිවසේ ඊයේ පැවති සාකච්ඡාවකදීය.
සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි සතියේදී සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය