ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොයින් අලී කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇත
ඊයේ එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර හම්බන්තොටදී සිදුකළ පරීක්ෂණයකින් මොයින් අලීට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔහුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් දින දහයක් හුදෙකලාව ගත කිරීමට සිදුව තිබෙනවා. මේ අතර ක්‍රිස් වෝක්ස්ටද ස්වයං නිරෝධායනය වීමට සිදුව තිබෙන්නේ මොයින් අලි සමග සමීපව කටයුතු කිරීම හේතුවෙනි.
එංගලන්ත කණ්ඩායම හෙට පෙරවරුවේ තවත් PCR පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට නියමිත අතර ඉන් අනතුරුව හෙට පස්වරුවේදී පුහුණු කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමි වේ.