අලුත් කොවිඩ් රැල්ලක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘රට තුල නැවත කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනතුරු අඟවා සිටී .

මේ වන විට ,කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමද  නවතා දමා තිබීම හේතුවෙන් මෙම අනතුර මතුව ඇති බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටී

රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීමද ඉතා අනතුරුදායක බව කුමුදේශ් මහතා මාධ්‍ය වෙත  අදහස් දක්වමින් පැවසීය

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා ‘කොවිඩ්’ සමාජ ගතවීම ගැන පැහැදිළි ප්‍රකාශයක් නොකළ ද සමාජගතවූ වසංගතයකට රට මුහුණ දී සිටින බවත් විද්‍යාත්මක ආවේක්ෂණක් නොමැතිව එය පාලනය කල නොහැකි බවත් රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටී .

ටී