මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටී .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පෙන්වාදෙන්නේ, තවත් කොවිඩ් රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා සීමාකිරීම් සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින් පෙර පැවති සෑම අවස්ථාවකට වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවය.
නැවත කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ 4ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කර ඇත .
ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරීම් දැඩි ලෙස බලකාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, එම නිර්දේශයන්වලට ඇතුළත්ය.
ඊට අමතරව අධි ව්‍යාප්තවීම් තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම අදාළ නිර්දේශවලට ඇතුළත් කර තිබේ.