ඩයලොග් පෙරගෙවුම් කාඩ්පත් අලෙවිය සඳහා ලබාදුන් කොමිස් මුදල හිටිහැටියේ නොදන්වා අඩු කර ඇතැයි චෝදනා කරමින් අලෙවි නියෝජිතයන් පිරිසක් අද ටවුන්හෝල්හි පිහිටි ඩයලොග් කාර්යාලය වටලා විරෝධතාවක් පවත්වා තිබේ.
අලෙවි නියෝජිතයන් 200ක් පමණ එම ස්ථානයේ අද පෙරවරුවේ පැය 3ක පමණ කාලයක් විරෝධතාව පවත්වා ඇත.
මීට පෙර පෙරගෙවුම් කාඩ්පත් සඳහා මීට පෙර ඩයලොග් ආයතනය විසින් 6%ක කොමිස් මුදලක් ලබාදුන්න ද හිටිහැටියේ එය 4% දක්වා අඩු කර ඇත්තේ පෙර දැනුම් දීමකින් තොරව බව අලෙවි නියෝජිතයෝ චෝදනා කරති.