අවුරුදු 18 ඉක්මවූවන්ටත් සැප්තැම්බර් මුල සිට කොවිඩ් එන්නත !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අගෝස්තු 31 වැනිදා වනවිට මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 30 ඉක්මවූ සියලු දෙනාටම කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබාදී අවසන් කිරීමට රජය සැළසුම් කර ඇත .

ඒ අනුව ජුලි මස අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ අවුරුදු 30 ඉක්මවූවන්ට එන්නත්කරණය කර අවසන් කරන බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අද පැවසීය

සමස්ත ජනගහනයෙන් මිලියන 11.5 ක් අවුරුදු 30 ඉක්මවූවන් වන අතර මේ වනවිටත් ඉන් බහුතරයකට එක් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙන බවද හමුදාපතිවරයා පැවසීය

මේ දක්වා එන්නත් මාත්‍රා මිලියන 8.5 ක් පමණ මෙරරට ලැබී ඇති අතර ජුලි මස අවසන් වීමට පෙර තවත් එන්නත් මාත්‍රා මිලියන 11 කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය

වයස අවුරුදු 30 ඉක්මවූවන්ට එන්නත්කරණය අවසන්වීමෙන් පසුව වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට එන්නත්කරණ ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

මේ වනවිට දෛනිකව එන්නත්කරණ මධ්‍යස්ථාන 300 ක් පමණ ක්‍රියාත්මක වන අතර දිනකට ලබාදෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 04 ඉක්මවා ඇති බවද ඒ මහතා පැවසීය