සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ප්‍රකාශ කර සිටී .
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මහ කොමසාරිස්වරයා කියා සිටියේ එම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍ර්ලියාවේද පවතින බවය .
එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යවසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවද ඔහු සදහන් කර තිබෙ.
මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පිරිනැමෙන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා එම සාකච්ඡවේදී සදහන් කර ඇත .
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගය දැඩිව අගය කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළේ.ය