අසර්බයිජානයේදි ගින්නකට අසුවී ශ්‍රීලාංකික සිසුවියන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ඔවුන් නැවතී සිටි මහල් නිවාස සංකීරණයේ ඇතිවූ ගින්නකින් මියගොස් ඇති බව ජාත්‍යයන්තර මාධ්‍ය වාර්තා කරනවා.

වයස අවුරුදු 21, 23 සහ 25 යන වයස්වල සිසුවියන් බව එම වාර්තාවල වැඩිදුරටක් සදහන් වේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව අසර්බායිජාන් ගිනිනීවිම් අංශය ප්‍රකාශ කර ඇති අතර වැඩිදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බවද පැවසේ.