අසර්බයිජානයේ මිය ගිය සිසුවියන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට රජයෙන් ලක්ෂ 15ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය.

මිය ගිය දරුවන්ගේ දෙමාපියන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අසර්බජානයේ බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලක පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආග්‍රාණයවීමෙන් මෙම සිසුන් තිදෙනා මිය ගියේය.