පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයින් සියලුදෙනාට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබා දීම ජර්මනියද නිළ වශයෙන් අනුමත කර ඇත
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුළ ඊට එරෙහිව ඵලදායී එන්නත්කරණ වැඩපිළිවෙළක් සිදු කිරීමේ අරමුණින් ජර්මානු බලධාරීන් මෙම පියවර ගෙන ඇත .
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබූ ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ද ඉකුත් දා සිය දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබා ගත් බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ .